Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ – මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා පුළුල් කර සංවර්ධනය කිරීමට පියවර

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

කොළඹ – මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප‍්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍ය පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු අරමුදල්වලින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ක‍්‍රියාත්මක කරයි.

එහි පළමු අදියර පස්යාල සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර 14.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 160.3 ක් ද, අඹේපුස්සේ සිට කෑගල්ල දක්වා දෙවැනි අදියරට රුපියල් කෝටි 150.7 ක් ද, වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ

තෙවැනි අදියර වන කෑගල්ලේ සිට මාවනැල්ල දක්වා කිලෝමීටර 13.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 134.5 ක් ද, අවසන් අදියර වන මාවනැල්ලේ සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 14 ක කොටස ස`දහා රුපියල් කෝටි 163 ක් ද, වැය කිරීමට නියමිතය.

මෙහි පළමු අදියරේ කොළඹ සිට පස්යාල දක්වා කිලෝමීටර 44.3 ක ප‍්‍රමාණයක් පුළුල කර කාපට් අතුරා සකස් කිරීම මේ වන විටත් අවසන් කර තිබේ.

Exit mobile version