Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වල භාවිතයට

භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක්

භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක්

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට අනුව මෙම ගිලන් රථ සැකසීම ආරම්භ කළ බව සඳහන් කරන ඒ මහතා සම්පත් දායකයින්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රම දායකත්වය ලබා දීමට කැමැත්ත ඉදිරිපත් කල සේවකයන්ගේ සහාය ඇතිව මෙය සිදු කරන බව මන්ත්‍රිවරයා පැවසීය.

මුල්ලේරියාව වාහන අංගනයේ වසර ගණනාවක් පුරා භාවිතයෙන් ඉවත් කොට තිබූ ගිලන්රථ මූලික පියවර ලෙස අලුත්වැඩියා කිරීමට අරඹා මේ වන විටත් ගිලන්රථ කිහිපයක වැඩ අවසන් වෙමින් පවතින බවද ඒ මහතා පැවසීය.
ඇතැම් ගිලන්රථ භාවිතයෙන් ඉවත් කොට තිබුණේ දිරාපත් වීම නිසාම නොව විවිධ අමතර කොටස් නොමැති වීම නිසාවෙන් බව ද මන්ත්‍රිවරයා පැවසීය. එහෙයින් ගිලන් රථ සඳහා සොයා ගත නොහැකි අමතර කොටස් ලබාදීමට සම්පත්දායකයින් සිටීනම් මෙම අලුත්වැඩියාවට වඩා පහසුවක් වන බවද ඒ මහතා පැවැසීය.

මාස තුනක් ඇතුලත මෙම ව්‍යාපෘතියේ මුලික අදියරය නිම කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එසේ අලුත්වැඩියා කරන ගිලන්රථ දුෂ්කර පළාත්වල රෝහල් සඳහා සේවයේ යෙදවීමට බලාපොරොත්තුවක් ඇති බවද පැවසීය.

එමෙන්ම මෙම අවස්ථාවේ ගිලන් රථ සඳහා මුදලක් වැය කරමින් විදේශයකින් ගිලන් රථයක් ආනයනය කිරීමට වඩා තියෙන සම්පත් උපයෝගී කරගනිමින් පවතින ගිලන්රථ නැවත අලුත්වැඩියා කොට නවීකරණයෙන් පසු නැවත භාවිත යෙදවීම වඩා ඵලදායි බවද ඒ මහතා පැවැසීය.

Exit mobile version