Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ICU ඇඳන්වල කොරෝනා රෝගීන් පිරිලා – සාමාන්‍ය සැත්කම් කල් යයි

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමටත් සිදුව ඇති බව වාර්තා වෙනවා. දැනට රෝහල් තුළ කළ හැකිවන්නේ හදිසි සැත්කම් පමණක් බවයි සඳහන් වන්නේ.

පවතින තත්ත්වය හමුවේ රජයේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි රෝහල් බලධාරීන් පවසන්නේ..

පිට පළාත්වලින් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල්වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බවයි අනාවරණය වන්නේ. සාමාන්‍ය සැත්කම් කල් දැමීම හේතුවෙන් එවැනි සැත්කම් කිරීමට අවශ්‍ය රෝගීන්ගේ රෝහල් පොරොත්තු ලේඛන තවත් මස ගණනකින් දීර්ඝ වනු ඇතැයි ද වාර්තා වෙනවා.

Exit mobile version