Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරියාවෙනුත් ලංකාවට ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක්

කොරියාවෙනුත් ලංකාවට ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක්

කොරියාවෙනුත් ලංකාවට ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක්

දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් බව පවසමින් කොරියානු රජය විසින් කොරියාවේ එක්සිම් බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට ණය ලබා දීමට එකඟ වෙලා තියෙනවා.

ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා 2020-2022 කාල සීමාව සඳහා එකඟතාවයකට අත්සන් කිරීමට කොරියානු සහ ශ්‍රී ලංකා රජයන් එකඟ වෙලා.

ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වෙන බවයි කියන්නේ.

මනා සම්බන්ධීකරණයකින් යුතුව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම උදෙසා, බැංකුවේ සභාපතිවරයා විසින් 2016 ජනවාරි මස කොළඹදි විවෘත කරන ලද කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා මෙම දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.

මෙම ණය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ කොරියානු තානාපති වුන්ජින් ජියොන් මහතා විසින් අත්සන් කිරීම (10) දින සිදු කළා.

Exit mobile version