Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිෂාඩ්ගේ මන්ත්‍රී වරප්‍රසාද ගැන තීන්දු ගන්නේ ඇමැති වීරසේකරද? නීතිපති, කතානායක අනුමැතිය ලැබුනත් වීරසේකර හරස් වෙයි

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

කෙසේවෙතත් කතානායකවරයාද ඊට එකගතාව පළ කර තිබූ නමුත් පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ. පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බවද වීරසේකර මහතා සඳහන් කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට තීන්දු ගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

අමාත්‍ය සරත් වීරසේකර මහතා රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන ලෙස නියෝග ලබා දී තිබීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඒ මහතා මේ බව පැවසීය.

ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

Exit mobile version