Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් නිසා ජාතික රුධිර පාරවිලයන සේවයේ රුධිර සංචිත අඩු වෙලා – රුධිරය පරිත්‍යාග කරන ලෙසට ඉල්ලීමක්

කොවිඩ් වසංගතය රටපුරා වේගයෙන් පැතිරීමත් සමඟ රුධිරය පරිත්‍යාග කිරීම පහළ ගොස් ඇති බැවින් මේ වනවිට ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින රුධිර සංචිත ප්‍රමාණය පහළ ගොස් ඇති බැවින් රුධිර පරිත්‍යාග කරන්නැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා (04) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂකවරයා පැවසූවේ මෙරට දෛනිකව සාමාන්‍ය තත්ත්වය යටතේ රුධිර ඒකක 1200 ක් පමණ අවශ්‍ය වන බවය. එමෙන්ම අවම වශයෙන් දිනකට රුධිර ඒකක 800 ක ප්‍රමාණයක් වත් ලැබිය යුතු බවයි. ඉදිරියේදී සම්පූර්ණයෙන්ම සංචරණ සීමා දැමුවහොත් එම ප්‍රමාණය නොලැබීමට අවධානමක් පවතින බවයි.
එම නිසා හැකි සෑම පුද්ගලයෙක්ම කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ප්‍රාදේශීය මට්ටමෙන් ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානයකට පැමිණ රුධිරය ලබාදෙන ලෙසට වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

ඊට අමතරව අන්තරජාලය හරහා ජාතික රුධිර පාරවිලයන සේවයේ වෙබ් අඩවියට සම්බන්ධවී එහි ඇති පෝරමය පුරවා සම්බන්ධවීමටද හැකියාව තිබේ. එමෙන්ම, ක්ෂණික ඇමතුම් මගින් අමතා ඒ සඳහා වෙලාවක් වෙන්කර ගන්නා ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් ඉල්ලීය.

ජාතික රුධිර පාරවිලයන සේවයට අන්තර්ජාලය හරහා සම්බන්ධවීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න… http://www.nbts.health.gov.lk/

Exit mobile version