Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අයදුම්පත් යොමු කළ පක්ෂ 40 ක් අතුරින් 18 ක්, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවය.

දින 3ක් පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ, හෙට අවසන් වීමට නියමිතය.

ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇතැයි නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

අදියර 2ක් යටතේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සුදුසුකම් ලබන පක්ෂ, ලියාපදිංචි කිරීමට නියමිතය.

මේ වනවිට මෙරට තුළ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76කි.

Exit mobile version