Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න හමුදාව සූදානම්; දින කීපයකට සරිලන දෑ රැස්කරගෙන ඉන්න – යුද්ධ හමුදාධිපති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

රටේ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූදානම් කිරීමට යුද්ධ හමුදාව සූදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේද කීය.

(28) වෙනකොට ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 1111ක් වාර්තාවුණා. ඊට අමතරව තවත් කොවිඩ් මරණ 08 ක් සමඟින් සමස්ත කෙවිඩ් මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගියා. එක්ලක්ෂ තුන්දහස් හාරසිය අසූ හයක් වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් මේවන විට කොඩිඩ් ආසාදිතයින් හත්දහස් නවසිය හැත්තෑ පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

අපි ඊයේ දිනයේත් සාකච්ඡා කළා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථාන සම්බන්ධයෙන්. ඉදිරියේ දී රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ස්ථාන සූදානම් කරන්න යුද්ධ හමුදාව සූදානම්.

රටේ ජනතාවගෙන් අපි ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරුතුරුවලට පමණක් අවධානය යොමු කරන්න කියලා. මොකද මේ වෙනකොට විවිධ පිරිස් ආයෙත් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරන්න විවිධ අසත්‍යය තොරතුරු පතුරවා හරිනවා.

අපේ රටේ රෝගීන් සඳහා වන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳ මම පුද්ගලිකව පැය 12කට සැරයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් අහනවා තොරතුරු ලබා ගන්නවා. ලංකාවට රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සපයන ආයතන අපිට කියනවා දැනට අවශ්‍ය පරිදි ඔක්සිජන් සංචිත තියෙනවා කියලා.

රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි. ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ.

Exit mobile version