Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිසි සාක්ෂි තිබේනම් රිෂාඩ්ටව රටේ පොදු නීතිය යටතේ අත්අඩංගුවට ගන්න – ගජේන්ද්‍ර කුමාර් රජයට අභියෝග කරයි

රිෂාඩ්ට විරුද්ධව නිසි සාක්ෂි ආණ්ඩුවට තිබේනම් රටේ පවතින පොදු නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න - ගජේන්ද්‍ර කුමාර්

රිෂාඩ්ට විරුද්ධව නිසි සාක්ෂි ආණ්ඩුවට තිබේනම් රටේ පවතින පොදු නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න - ගජේන්ද්‍ර කුමාර්

ත්‍රස්ත විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ අත්අඩංගුව සම්බන්ධව තම විරෝධය පළ කරමින් දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රකාශයක් නිකුත් කරයි.

රිෂාඩ්ට විරුද්ධව නිසි සාක්ෂි ආණ්ඩුවට නොමැති බවත් එසේ තිබේනම් රටේ පවතින පොදු නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අභියෝග කරමින් මෙම ප්‍රකාශය නිකුත් කර සිටියි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ ආකාරය හරහා පොලීසිය ආණ්ඩු පක්ෂයක බලය ප්‍රදර්ශනය කරන අතර, මෙසේ තම දේශපාලන අරමුණ ඉටු කර ගැනීම සදහා ගන්නා ලද අත්අඩංගුක් ලෙස හැඳින්විය හැකි බවට ඔහු සදහන් කරයි.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඉතා බැරෑරුම් ලෙස බලපෑමට ලක් වූ සමාජයක නියෝජනය කරන පක්ෂයක් ලෙස ඇත්තාවූ අත්දැකීම් සමගම තමා ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදී විරෝධී පනත යටතේ නීතිය හා සාධාරණත්වය කිසිවිටවත් නොලැබෙන බවට කිසිම චකිතයකින් තොරව දැඩිව ප්‍රකාශ කරන බවට ඔහු කියා සිටියේය.

එමෙන්ම, රට අරාජික වන බව සදහන් කරන අතරම, තවත් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීම් හා නීති කටයුතු පිලිබඳව අත්දැකීම් අල්ප පුද්ගලයන් හට දඩුවම් කිරීම සඳහා මාධ්‍යයක් ලෙස මෙසේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුව භාවිතා කරන බවද ඔහු සදහන් කරයි.

– වීරකේසරී

Exit mobile version