Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොව්ඩ් මර්දන කමිටුවේදී සෞඛ්‍ය බලධාරීන්ගේ යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූයේ කෙසේද ?

පළාත් අතර සංචරණය සීමා කිරීම සඳහා සිදු කරනු ලැබූ යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

කොවිඩ් 19 වෛරසය ව්‍යාපත්තිය පාලනය කිරීම සඳහා මෙම සති අන්ත නිවාඩුවේ පළාත් අතර සංචරණ සීමා පැනවීමට හැකිවූයේ නම් ජනතාවගේ විනෝද චාරිකා හා අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට අවකාශය තිබූ බව ඇමතිවරිය පවසයි. ආගමික හා සංචාරක ස්ථාන ආශ්‍රිතව ජනතාව වැඩි වශයෙන් එක්රැස්වී සිටීම සම්බන්ධයෙන් ගුවන් විදුලි නාලිකාවක් ඇමතිවරියගෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.

වැඩිදුරටත් ඇමතිවරිය අදහස් දක්වමින් ” අපි ජනතාව දැනුවත් කරා. උදේ හවස ටීවි බලන අය, ෆේස් බුක් යන අය අල්ලපු රටේ වෙන දේවල් දන්නවා නේ. මිය යන ප්‍රමාණය, රෝහල් වල ධාරිතාව දන්නවා නේ. අපිට දැනුවත් කරන්න පුළුවන්.” යනුවෙන් පවසයි.

Exit mobile version