Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළට, පහසුකම් ප්‍රමාණයට වඩා රෝගීන් වැඩි වේ!

අයි.ඩී.එච්. රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළත් කර ඇති බැවින් මේ වන විට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එහි රෝගීන් 120 දෙනකුට ඉඩ පහසුකම් පවතින අතර මේ වන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනකු එහි ප්‍රතිකාර ලබන අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ඇති ඇඳන් 8ම පිරී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන් සියයට 20කට පමණ ඊයේ (22) වන විට ඔක්සිජන් දී ඇති අතර ඉදිරියේදී ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

අයි.ඩී.එච්. රෝහලේ ආසාදිතයන් ඇතුළත් කිරීම සිංහල අලුත් අවුරුද්දෙන් පසු ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ප්‍රකාශකයා කියා සිටියේය.පවතින තත්ත්වය සමඟ රෝහල් කාර්ය මණ්ඩලයද රෝගී සත්කාරයන්හි නියැළී කටයුතු කරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version