Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවෙන් ශ්‍රී ලන්කන් යානා 3 කින් අභිරහස් ලෙස උගන්ඩාවට මෙට්‍රික් ටොන් 102ක ලිපි ලේඛන යවයි

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

පසුගිය පෙබරවාරි 24 වෙන දා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් A333 ගුවන් යානා තුනකින් කොළඹ සිට උගන්ඩාවට මෙට්‍රික් ටොන් 102ක ලිපි ලේඛන යැවීම පිළිබඳ සැක මතුව තිබේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් තබන ලද ට්විටර් පණිවිඩයද එදිනම ඉවත් කරගෙන ඇත. මෙම ලිපි ලේඛන තොගය සහිත ගුවන් යානා 3ක් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපළට ළඟාවීමේ ඡායාරූපද එම ට්විටර් පණිවිඩයට ඇතුළත් කර තිබූ අතර ඒවාද ඉවත් කර ඇත.

මෙසේ ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද මුද්‍රිත ලිපි ලේඛනවල අඩංගු මොනවාද සහ ඒවා ශ්‍රී ලංකාවෙන් පිට කළේ කවුදැයි යන්න හෙළිදරව් කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත. සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඊට අදාළ තොරතුරු ඉල්ලා ඇතත් වාණිජමය රහස් යන කාණ්ඩය යටතේ එම තොරතුරු ලබා දිය නොහැකි බව ගුවන් සමාගම දන්වා ඇත.

උගන්ඩාව සමග ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ 2012 වසරේ දීය. එයට මුල් වූයේ එවකට විදේශ අමාත්‍ය, වර්තමාන පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පිරිස්ය. ඉන් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට උගන්ඩාවේ කම්පාලා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද විවෘත කරනු ලැබීය.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වූ අතර එහි දී ඩොලර් මිලියන 150ක ජල ව්‍යාපෘතියක්ද ශ්‍රී ලංකාව විසින් උගන්ඩාවට පරිත්‍යාග කරන ලදී. උගන්ඩාවේ ජනාධිපති යොවෙරි මුසෙවෙනිගේ පස්වන පදවි ප්‍රාප්තිය සඳහා 2016 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරාධනා ලැබුවේ එවකට විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ය. එසේම පසුගියදා සේනා දළඹු මර්දනය සඳහා යයි උගන්ඩාවේ හමුදා නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණියේය.

-Lankatruth

Exit mobile version