Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට පවුල් ලක්ෂ 40ක් එනමි 72%ක් දුප්පත් වෙලා

මෙරට පවුල් ලක්ෂ 40ක් එනමි 72%ක් දුප්පත් වෙලා

මෙරට පවුල් ලක්ෂ 40ක් එනමි 72%ක් දුප්පත් වෙලා

මෙරට ජීවත්වන ජනතාවගෙන් පවුල් ලක්ෂ 40කට තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට තරම් ආදායමක් නොලැබෙන බව ආණ්ඩුව පිළිගෙන තිබේ.

මේ බව තහවුරු වන්නේ පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්දු සමයේදී මෙන්නම රමලාන් සමයේදීද රුපියප් 5000ක දීමනාව පවුල් ලක්ෂ 40කට ලබාදුන් බව සමෘද්ධි රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සිළුමිණ පුවත්පතට කර තිබෙන ප්‍රකාශයකිනි. මේ රටේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 55ක් පමණ වේ. මේ අනුව මුළු පවුල්වලින් 72%ක් පමණ රජයේ ආධාර ලැබිය යුතු දුප්පත්කමට ඇද වැටී ඇතැයි තහවුරු වේ.

පසුගිය ආණ්ඩුව සමය නිමාවන විට මෙරට මුළු සමෘද්ධි ලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 14ක් පමණ විය. එය පවුල් ලක්ෂ 23 දක්වා ඉහළ දැමීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන බව මහ මැතිවරණයට පෙර ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙම උත්සව සමයේදී රුපියල් 5000 දීමනාව පවුල් ලක්ෂ 40 දක්වා ලබාදීමට තරම් ජනතාව අන්ත පීඩනයකට පත්වී ඇති බව මෙයින් තහවුරු වේ.

Exit mobile version