Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මගේ දරුවා 2016 ඉදලා පෝට් සිටි එකේ වැඩ කරන්නේ” – අජිත් නිවාඩ් කබ්රාල්

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

තම පුත්‍රයා 2016 වසරේ සිට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(18) මහනුවරදී ප්‍රකාශ කළේය.
ඒ, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා..

“අයියෝ ඔබතුමන්ලා මේ දේශපාලනය කරන කොට ඔය පහත් දේශපාලනේ කරන්න එපා. ජනාධිපතිතුමන්ගේ දරුවන්ටත් බනිනවා. බැසිල් රාජපක්ෂගේ දරුවන්ටත් බනිනවා. මගේ දරුවන්ටත් මොකක් හරි කියනවා. එක දවසක් කිව්වා මගේ දුවෙක් ආවා කියලා එංගලන්තේ ඉදලා. මතකයි නේද ඉතිං. ඔබතුමන්ලා ඒ වගේ පහත් දේශපාලනේ කරන්න එපා. මගේ දරුවා හොදට ඉගෙන ගත්ත දරුවෙක්. එතුමාට උපාධි තියනවා පිට රටවල්වලින්. එතුමාට ඕන තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ඉතිං එයා හොද රස්සාවක් කරනවා. පෝට් සිටි එකේ වැඩ කෙරුවට මොකද්ද තියන ප්‍රශ්නේ ඕගොල්ලන්ට. 2016 ඉදලා වැඩ කරනවා”

Exit mobile version