Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භික්ෂු වෙස් ගෙන විහාරස්ථානයට ආ පුද්ගලයෙක් සොයා මෙහෙයුම්

16 වන දින දහවල් කාලයේ මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට පැමිණි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් එම සැකකටයුතු පුද්ගලයා රැස්වෙහෙර විහාරස්ථානයට පැමිණ ඇත.

මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතූ රැස්වෙහෙර රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින් ප්‍රශ්න කිරීමේදී ඔහු අසල පිහිටි කහල්ල රක්ෂිතය දෙසට පළාගොස් තිබුණි.

ඊයේ සවස් කාලයේ සිට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කහල්ල රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් සිදු කළ ද මේ දක්වා මෙම පුද්ගලයා සොයාගැනීමට හැකි වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ පුද්ගලයා යම් අපරාධයක් සිදුකිරීමට විහාරස්ථානය වෙත පැමිණ ඇතැයි අනුමාන කෙරේ.

එම සැකකටයුතු පුද්ගලයාගේ ඡායාරූපයක් නිකුත් කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පුද්ගලයා පිළිබඳ යම්කිසි තොරතුරක් දන්නේ නම් මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718591287 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසය.

භික්ෂු වෙස් ගෙන විහාරස්ථානයට ආ පුද්ගලයෙක් සොයා මෙහෙයුම්
Exit mobile version