Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය, තමන් තහනමට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව නීතිපතිතුමාගේ අනුමැතියෙන් මෙම සංවිධානය තහනමකට ලක්වී ඇත.මෙම සංවිධානය ජමාතේ ඉස්ලාමි සංවිධානයට ඒකාබද්ධ තරුණ කටයුතු පිළිබඳ සිවිල් සංවිධානයක් ද වේ.
තම සංවිධානය කිසිවිටෙකත් රටේ සිවිල් නීතියට අනුකූල නොවන කිසියම් හෝ ක්‍රියාවක් නොකළ බවට ඉතිහාසය සාක්ෂි දරන බව ශ්‍රී ලංකා ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය තරයේ ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි සංවිධානය හා ඊට අනුබද්ධිත ශිෂ්‍ය සංවිධානය තමන් හට එරෙහිව දෙනු ලැබූ මෙම තීන්දුව යුක්තියේ මූලික රීතියද උල්ලංඝනය කර ඇති බවත්, තමන් විසින් වසර කිහිපයකට පෙර නෙරපනු ලැබූවන් කල අකටයුතුකම් නිසා පැහැදිලි සාක්ෂි විමසීමකින් තොරව එම ශිෂ්‍ය සංවිධානය අන්තවාදී සංවිධානයක් බවට තීරණය කර තිබීම තමන් විස්මයට පත් කළ බවත්, තමන් පිළිබඳව ඇති චෝදනා ජනාධිපති කොමිසම ඉදිරියේ නිසි විමසුමක් නොකළ බවත් නීතිපති විසින් ද නිසි කරුණු විමසීමක් සිදු නොකොට මෙසේ තහනමකට ලක් කිරීම යුක්ති සහගත නොවන බවත් ඉදිරියේදී සාධාරණ අධිකරණමය විනිශ්චයකින් යුක්තිය නැවත ලබාගැනීමට කටයුතු කරන බවට ද ඔවුහු නිවේදනයක් නිකුත් කොට ඇත.
එම මාධ්‍ය නිවේදනය පහත අමුණා ඇත.

Exit mobile version