Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිලියනයක් දිනාගන්න: මෙයා ගැන දන්නවා නම් කියන්න, පොලිසිය මහජන සහය පතයි

වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු , ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වශයෙන්‌ පෙනී සිටිමින්‌ නොයෙක්‌ ආකාරයේ වංචාවන්‌ සිදුකර ඇති රාෆින් මොහොමඩ් ෆරුක් නම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබාදෙනු අයෙක්ට ලක්‍ෂ 10 ක ත්‍යාග මුදලක්‌ ලබාදීමට පොලිස්පතිතුමා විසින්‌ අනුමැතිය ලබා දී තිබේ.

ඊට අදාළව පොලිස්‌ ස්ථානයන්‌ මගින්‌ විමර්ශන ආරම්භ කර ඇතිමුත්‌ මෙම සැකකරු සම්බන්ධයෙන්‌ සාර්ථක තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම සැකකරු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති වංචා වන්නේ,

1. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් රුපියල් ලක්ෂ 165කට විකිණීම

2. ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,550,000ක් වටිනා වාහනයක් පවරා ගැනීම.

3. ෆිනෑන්ස් සමඟ විකිණු වාහනයක් සම්බ්න්ධයෙන් විශ්වාසය කඩ කිරීම

4. රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබා ගෙන වංචා කිරිම

5. රුපියල් ලක්ෂ 30ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම.

සැකකරුගේ විස්තර
නම : රාෆික්‌ මොහොමඞ්‌ ෆරුක්‌
ලිපිනය : අංක 122/15/බී, සුහද මාවත, මාන්කඩ පාර, කඩවත
අංක 133/05, නාමල්‌ ටෙරන්ස්‌, වට්ටියගොඩ.
අංක 89/03, රජමාවත, කනවන, ජා ඇල.
උපන්‌ දිනය : 1976.07.03
ජා.හැ.අ : 7613504460V

තොරතුරු සඳහා.
නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව 0718592604
නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය 0112685958

Exit mobile version