Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ණය ගෙවන්න ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් සල්ලි ඉල්ලයි

මේ වසරේ මැයි සහ ජුලි මාසවලදී ගෙවීමට ඇති විදෙස් ණය පියවීම සදහා අවශ්‍ය මුදල් සපයා ගනු පිණිස ආණ්ඩුව මැදපෙරදිග මුස්ලිම් රටවල්වල සහාය ලබා ගැනීමට තීරණය කොට ඇත.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩයාමක් ඔමාන් රාජ්‍යයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් අසාද් බන් තරීක් මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ.

කොරෝනා වසංගයෙන් පසු ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ඔමාන් රාජ්‍යයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම සාකච්ජාවලදී මැදපෙරදිග මූල්‍ය ආයතනවලින් අරමුදල් සපයා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බව දැනගන්නට තිබේ.

ආණ්ඩුවට ලබන මැයි සහ ජූලි මාසයන්හිදී පිළිවෙළින් අමෙරිකානු ඩොලර් මිලියන 720ක සහ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් පියවා දැමීමට සිදුව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා සිදුකළ බංග්ලාදේශ සංචාරය අතරතුරදීද එරට මහබැංකු අධිපතිවරයා මුණගැසී විනිමය හුවමාරු ක්‍රමය යටතේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වී තිබිණ.

කෙසේවෙතත් මීට වසර 10කට පෙර බංග්ලාදේශ ආර්ථිකය පැවතියේ ලංකා ආර්ථිකයට බොහෝසෙයින් පසුපසින් වීමද විශේෂ සිදුවීමකි.

-mawrata

Exit mobile version