Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දරගෙන් නව අසියානු වාර්තාවක්, පැය 28ක් පිහිනයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට පෙරේදා (11) සමත් විය. ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3කි.

ඒ සඳහා ඔහුට ගතවී තිබූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43ක් බව වාර්තා වේ.

මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ ආනන්ද කුමාර් නැමැති ඉන්දියානු ජාතිකයෙකු වන අතර ඔහුට ඒ සඳහා පැය 51ක පමණ කාලයක් ගතවී තිබුණි.

Exit mobile version