Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,320ක්

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමෙන් මාර්ගයේ භාවිතයට නුසුදුසු යතුරුපැදි 450ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,320ක් ගොනුකර ඇති බවය.

එම මෙහෙයුම පසුගිය මාර්තු 31 වන දින සිට අප්‍රේල් 2 වන දින දක්වා දිවයිනේ සියලූම පොලිස් වසම් ආවරණය වන පරිදි සිදුවිය.

එහිදී බීමත් රිය පැදවීම්වලට අදාළ නඩු 398ක්, අපරික්ෂාකාරී හා අන්තරාදායක රිය ධාවනයට අදාළව නඩු 139ක්‍, අධික වේගයෙන් රිය ධාවනයට නඩු108ක්, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව රිය ධාවනයට අදාළව නඩු 1977ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් නඩු 1303ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් නඩු 2806ක්, වැඩිපුර තැනැත්තන් රැගෙන යාමට අදාළව ඩු 403ක් හා වෙනත් වැරදි සම්බන්ධයෙන් නඩු 6186ක් ගොනුකර තිබේ.

Exit mobile version