Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීතා අරඹේපොලට නිසි සැලකිලි නොදක්වූ නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවතට

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවත්ට - නිසි සැලකිලි නොදක්වන බවට සීතාගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල විසින් ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලක් හේතුවෙනි.

මේ සභාපතිවරයා තමන් ඉක්මවා කටයුතු කරන බවත්. තමන්ට නිසි සැලකිලි නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල විසින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට දැන්වූ පසුව ඔහු වෘත්තීය පුහුණු අධිකාරියෙන් ඉවත් කර ඇති අතර ජාතික තරුණ සේවා සභාවට පත්කර තිබේ. ධුරයෙන් ඉවත් කළ සභාපති දමිත වික්‍රමසිංහ මෙන්ම රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොලද වියත්මගේ ප්‍රබල සාමාජිකයෝ වෙති.

Exit mobile version