Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාර තත්ත්වය භයානකයි: හමුදාව ළමුන් 43ක් ඝාතනය කරයි

මියන්මාර තත්ත්වයයි: මේ දක්වා මියන්මාර් හමුදාව ළමුන් 43ක් ඝාතනය කරයි

මියන්මාර තත්ත්වයයි: මේ දක්වා මියන්මාර් හමුදාව ළමුන් 43ක් ඝාතනය කරයි

මේ වසරේ පෙබරවාරි 01 වනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා මියන්මාර් හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය පවසයි. ඝාතනය වූ ළාබාලතම දරුවාගේ වයස අවුරුදු 7කි.

මියන්මාර් හමුදා කණ්ඩායම සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 536ක් ඝාතනය වී ඇතැයි සඳහන් වේ.
මේ අතර මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසුවේ තත්ත්වය භයානක බවය.

මේ වනවිට මියන්මාර හමුදා සහ එරට සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම අතරද ගැටුම් ඇතිවී තිබේ.

Exit mobile version