Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු සමය ආරම්භ වෙද්දී, කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්: සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

අවුරුදු සමය ආරම්භ වෙද්දී, කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්: සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

අවුරුදු සමය ආරම්භ වෙද්දී, කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්: සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

අලුත් අවුරුදු සමයේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව කී සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුුරුදු උත්සව ඉතාමත් කුඩාවට සංවිධාන කරන ලෙසට උපදෙස් ලබාදෙන බව ද කියයි.

අලුත් අවුරුදු උත්සවවලදී කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවලට ඉඩක් නොලැබෙන බවත් සෞඛ්‍ය නීතිරීති රකිමින් කළ හැකි ක්‍රිඩා ගැන සෞඛ්‍ය අංශ ඉදිරියේදී ජනතාවට කියා දෙන බවත් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

බක්මහේ සැණකෙළි තහනම්

එළඹෙන අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු කියයි.

ගම්වල සංවිධානය කෙරෙන කුඩා කුඩා අවුරුදු උත්සවවලට පමණක් අවසර ලබාදෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ඒ උත්සව සංවිධාන කළ යුතු බව ද සඳහන් කළේය.

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

කෙසේවෙතත් නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්මත්තේ දී උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරිණි.

මෙම වසන්ත උදානය (1) සිට ලබන 30 වැනි දා තෙක් පැවැත්වේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර නුවරඑළිය වසන්ත උදානය සමරන බව නුවරඑළිය නගරාධිපති චන්දන ලලා කරුණාරත්න මහතා පවසයි. තුරඟ තරග,මල් ප්‍රදර්ශන, සංගීත, ක්‍රීඩා තරඟ හා කඳු නැගීම ආදි ආදි ඉසව් දින පතාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Exit mobile version