තම සැමියාට ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් විසින් පහර දීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත්, පසුව සැමියා මිය ගිය බවත්, එම මරණයට පොලිස් නිලධාරීන් කළ පහරදීම හේතු වී ඇති බැවින් තමන්ට සාධාරණය ඉටු විය යුතු බවත් කළුබෝවිල ප්‍රදේශයේ කානන්තාවක් චෝදනා කරයි.
ඇය පෙන්වා දෙන්නේ මිය යාමට පෙර සැමියා අදාළ ප්‍රහාරය පිළිබදව තමන්ට සම්පූර්ණයෙන් අනාවරණය කළ බවකි.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට සිටියේ ගංජා ග්‍රෑම් 50ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ බවත්, එම පුද්ගලයාට ඇප ලැබීමෙන් පසු දෙවරක් රෝහල්ගත වී ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඉදිරි විමර්ශන සිදු වන බවකි.