Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 14,453කට අධික මුදලක් බදු ගෙවා නෑ

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග

ආයතන හා පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දාහතර දහස් හාරසියපනස් තුනකට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

මෙසේ ගෙවීමී පහැර හරි ලැබුවන් අතර ෆිනෑස් සමාගම්, කැසිනෝ ව්‍යාපාර හා රජයේ ආයතන වෙතියි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට ඈවර කෙරුණු ඒවා යැයි ද දැනගන්නට ඇත.

මේ අතර ආයතන හා පුද්ගලයන් රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත්වලින් රුපියල් කෝටි දෙසිය පහළිස් පහකට වැඩි වටිනා චෙක්පත් දස දහස් අටසිය හැත්තෑ අටක් අගරුවී ඇතැයි ද රජයේ ගිණුම් කාරක සභාවේදි තොරතුරු හෙළි විය.

Exit mobile version