Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශප්‍රේමී ආණ්ඩුවක් කිව්වට සියලු දේ සිදුවන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවය මත – අනුර දිසානායක

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

වත්මන් ආණ්ඩුව සිංහල බෞද්ධ බහුතර ඡන්දයෙන් බලයට පත් වූ දේශප්‍රේමී ආණ්ඩුවක් ලෙස හැඳින්වුවද සියලු දේ සිදුවන්නේ ඉන්දියාවේ හෝ ජිනීවාවල හෝ අවශ්‍යතාවය මත, කැමැත්ත මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ආණ්ඩුව ඉන්දියාවට පොරොන්දු වී ඇති බැවින් ඉතා නුදුරේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාලව ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කළයුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හො යෝජනා ලබාදුන් බව අනුර දිසානායක මහතා පවසනවා. පළාත් සභා ක්‍රමය එය පිහිටුවීමේ මූලික අරමුණු පවා සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කර ඊට වඩා සාර්ථක, සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන, සාධාරණ ලෙස දේශපාලන බලය හා පරිපාලන බලය තහවුරු වන නව ව්‍යූහයක් හඳුන්වා දියයුතු බව ඔහු පෙන්වා දෙනවා.

මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ඕනෑම පුද්ලයෙකු ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණක් දරන පුද්ගලයෙකු වියයුතු බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කළයුතු බවත් දිසානායක මහතා පවසනවා.

Exit mobile version