Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නන් හට මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග පිරිනමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර , කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142 ක් සමග 33 හැවිරිදි සැකකරුවෙක් සහ මෝදර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ස්ථානවලදී සිදුකෙරුණු බවයි.

එහිදී සැකකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බවද එවැනි වැටලීම් අඛණ්ඩව සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version