Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිංහරාජයේ වැව ගැන යුනෙස්කෝ මතය තාම නෑ

සිංහරාජ වනාන්තරයේ මාදුගැටේ ප‍්‍රදේශයේ වැවක් තැනීමට වාරි ඉංජිනේරුවන් කළ යෝජනාව පිළිබඳව අදහස් විමසා යුනෙස්කෝ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා පවසයි.

එහි වැවක් තැනීමෙන් වනාන්තර අක්කර පහක් යටකෙරෙන බවත් එවැන්නකට කිසිසේත්ම යුනෙස්කෝවෙන් අවසර නොලැබෙන බව දන්නා නමුත් එකී යෝජනාව ප‍්‍රධාන කාර්යාලයට යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට යුනෙස්කෝවේ අවධානය යොමුවිය යුතු කිසිදු පාරිසරික හානියක් සිදුව නැතැයි කී ආචාරි්ය මීගස්වත්ත මහතා ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි යැයි ද කීය.

ශ්‍රී ලංකාවේ ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන අටෙන් ස්වභාවික දෙක වන්නේ මධ්‍ය කඳුවැටිය හා සිංහරාජ වනාන්තරය බවත් ඒවා පිළිබඳව ඕනෑම අවස්ථාවක සැබෑ තත්ත්වය හෙළි කිරීමට තමන්ට හැකි බවත් කී ආචාර්ය මීගස්වත්තේ, දැනට යම් යම් මාධ්‍ය්‍යන්හි පැවැසෙන අන්දමේ හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවත් කියා සිටියේය.

Exit mobile version