Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආගමික සහ වාර්ගික නමින් දේශපාලන පක්ෂ බෑ – මැතිවරණ කොමිසම

නිල නාමය යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස යැයිද එබැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Exit mobile version