Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ(OIC) මහලේකම්ට ජනපතිගෙන් දුරකථන ඇමතුමක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනිවාහි යොමු කර ඇති යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකාවේ ජනාධීපති හා අගමැති පාර්ශවය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහ ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහි දී ජනාධීපති ගෝඨාභය රාපක්ෂ මහතා හා OIC මහ ලේකම් ආචාර්ය යූසුෆ් අල් උසෙමෙින් හමුවේ OIC හා මෙරට අතර සබඳතාවය ද ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ වත්මන් තත්වය සම්බන්ධයනේද සාකච්ඡා සිදු කර ඇති බව සදහන් වේ.

කොවිඩ් ආසාධිත මළ සිරුරු භූමදානයට අවසර දීම සම්බන්ධයෙන්ද මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට ප්‍රසාදය පළකර ඇති අතර තවත් කරුණු රැසක් සම්බන්ධයෙන්ද OIC මහ ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පවත්වා ඇති බවයි ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය නිවේදනය කර සිටියේ.

මේ අතර අද දිනයේ දී ජිනිවා හා මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාර්යේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීම හෙට දිනට කල් දමා ඇති බව ද වාර්තා වේ.

Exit mobile version