Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝලීය නිවුන් දරු උපත් අනුපාතය ඉහළට

නිවුන් දරු උපත් අනුපාතය ඉහළට

නිවුන් දරු උපත් අනුපාතය ඉහළට

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි නව අධ්‍යයනයකින් වාර්තා වේ.

ලෝක ජනගහනයෙන් 99ක් ආවරණය වන පරිදි රටවල් 165ක ද්විත්ව උපත් අනුපාතයන් මෙම විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත. ඒ අනුව පසුගිය අවුරුදු 40ත් 50ත් අතර කාලය තුළ ධනවත් හා සංවර්ධිත රටවල ද්විත්ව උපත් අනුපාතවල ප්‍රබල වැඩිවීමක් දැකගත හැකි වූ බව සනාථ වී ඇත. මේ කියන ආකාරයට මේ වනවිට ලොව මව්වරැන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහිකරයි.

එයට අනුව 1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමඟ වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවේය. එය 71වර්ධනයකි. එමෙන්ම යුරෝපයේ 60 කින් සහ ආසියාවේ 32 ඉහළ ගොස් ඇත. නමුත් එක්සත් රාජධානියේ නිවුන් දරු උපත් අනුපාතය 62කින් පමණ ඉහළ ගියද, 2007 දී නිවුන් දරු උපත් අඩු කිරීමේ ක්‍රමවේදයක් HFEA, දියත් කළ දින සිට එය පහත වැටී ඇත.

Exit mobile version