Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිවාස භාරයේ සිටින ජපන් පෙම්වතියගේ දරු ප්‍රසූතිය ගැන සලකා අධිකරණය දුන් තීන්දුව

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසුතිය සදහා සූදානම් වන පරිවාස භාරයේ සිටින ජපන් ජාතික සෝරා ඔටාකි නමැති දැරිය රුපියල් ලක්‍ෂ 15ක බැඳුම්කරයක් මත ඇයගේ පෙම්වතා වන කසුන් මධුශංක බණ්ඩාර නැමැත්තාගේ ලොකු අම්මා වෙත භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය (18) දින නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, 15 වියේ පසුවු ජපන් ජාතික දැරිය ශ්‍රීලංකාවට රැගෙනවිත් අපහරණයට ලක්කළ බවට සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපත් කරමින් කොච්චිකඩේ පොලිසිය විසින් එම පෙම්වතාට සහ තවත් පස් දෙනෙකුට එරෙහිව පවරනු ලැබ ඇති නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දිල්කි ප්‍රනාන්දු, මයුරිකා ද සිල්වා සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වත්සලා උළුවඩුගේ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය ඇති වූ මුල් අවස්ථාවේ සිදුකළ පැමිණිල්ල අනුව නඩුව පවරා ඇති බවත් තම දියණියගේ සහ ඉපදීමට සිටින දරුවාගේ අනාගතය සලකා ශ්‍රී ලාංකික පෙම්වතාට තම දියණිය විවාහ කර දීමට සොරා ඔටාකිගේ මව වන චියෝරා ඔටාකි මහත්මිය කැමැත්ත පළ කර ඇති බවත් ප්‍රකාශ කළාය.

විත්තිය වෙනුවෙන් කසුන් රත්නායක, මදුශංක රත්නායක ,සංඛ ප්‍රබුද්ධ, අශා ද මෙල්, චන්ද්‍ර ජයසේන, ශලනි ධම්මිකා ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය යන නීතිඥවරුන් තම සේවාදායකයාගේ පෙම්වතිය අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින බවත් පරිවාස භාරයේ සිටීම නිසා ඇය යහපත් මානසික තත්ත්වයකින් පසු නොවන බවත් හැකියාවක් ඇත්නම් දරු ප්‍රසූතිය සඳහා ඇය පෙම්වතාගේ ඥාතීන් භාරයට පත්කරන ලෙසත් ඉල්ලා සිටින බව දන්වා සිටියහ.

පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජපන් ජාතික පෙම්වතිය ඇයගේ පෙම්වතාගේ ලොකු අම්මා වෙත ලක්‍ෂ 15 වක බැඳුම්කරයක් මත මුදා හැරීමටත් මෙම යුවළගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේ සිදුකළ හැකි දැයි විමසීමටත් මීළඟ නඩු දිනයේදී තානාපති කාර්යලයේ නිලධාරියෙකු කැඳවීම සඳහා නොතිසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Exit mobile version