Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු මෙරටට රැගෙන ඒමට ක්‍රියාමාර්ග

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට විදේශයන්හි අත්අඩංගුවට ගෙන ඇති තවත් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට රටවල් 5කින්, ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එයින් 50 දෙනෙකු මෙරටට රැගෙන ආවේය. මෙම තත්ත්වය මත, ඉතිරි ශ්‍රී ලාංකිකයන් 4 දෙනාව ද, මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව, ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version