Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැලණි, මහවැලි ඇතුලු ගංඟා 05ක ජලය දැඩිලෙස දූෂිතයි

කැලණි, මහවැලි, වලවේ, මැණික් ගඟ සහ කිරිඳිඔය යන ගංඟාවල ජලය දැඩිලෙස දූෂණය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙලෙස ගංඟා දූෂණය වීම ප්‍රධාන ආකාර දෙකකට සිදුවේ. ගංඟා පෝෂිත කලාපයේ සිදුකරණ පරිසර විනාශයන් නිසා දූෂණය වීම සහ ඍජුවම අපද්‍රව්‍ය ජලයට එක්කිරීමෙන් දූෂණය වීම යන ආකාර දෙකය.

මහවැලි ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ සහ කිරිඳිඔය යන ගංඟා හතරේ පෝෂිත ප්‍රදේශවල සිදුකෙරෙන වගා කටයුතු වලට එකතු කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය එම ජලයට එකතු වීමෙන්, පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් විශාල වශයෙන් දූෂණය වී ඇත. මහවැලි ගඟ මේ අතරින් දරුණුම තර්ජනයට පත්වී ඇති ගඟාව බව හෙළිවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකරනු ලබන පර්යේෂණයකින් මේ බව තහවුරු වී ඇත.

කැලණි ගඟට කිතුල්ගල සංචාරක කලාපයේ අපද්‍රව්‍ය එකතු කිරීම, සීතාවක කර්මාන්ත කලාපයේ රසායනික අපද්‍රව්‍ය එකතු කිරීම සහ බියගම කර්මාන්ත කලාපයේ රසායනික අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය ඍජුවම ජලයට එකතු කිරීම මගින් දූෂණය වී ඇත. එම කර්මාන්ත කලාපවලට අමතරව ගඟ දෙපස පවත්වාගෙන යන කර්මාන්ත සියල්ලේම අපද්‍රව්‍ය කැලණි ගඟට බැහැර කරයි.

Exit mobile version