Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ණය වැඩසටහනකට එළැඹෙනවා නම් ඒ සඳහා මූලික අවශ්‍යතාවන් සපුරාලිය යුතු – මූල්‍ය අරමුදලෙන් ටොක්කක්

ශ්‍රී ලංකාව ණය වැඩසටහනකට එළැඹෙනවා නම් ඒ සඳහා මූලික අවශ්‍යතාවන් සපුරාලිය යුතු - මූල්‍ය අරමුදලෙන් ටොක්කක්

ශ්‍රී ලංකාව ණය වැඩසටහනකට එළැඹෙනවා නම් ඒ සඳහා මූලික අවශ්‍යතාවන් සපුරාලිය යුතු - මූල්‍ය අරමුදලෙන් ටොක්කක්

කොවිඩ්-19 වසංගතය නිසා හටගත් ආර්ථික අපහසුතාවන් මගහරවා ගැනීම සඳහා හදිසි මූල්‍ය සහායක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් මහතා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ණය වැඩසටහනකට එළැඹෙනවා නම් ඒ සඳහා මූලික අවශ්‍යතාවන් ශ්‍රී ලංකාව සපුරාලිය යුතු බවය.

ඊට අමතරව මෙරට නිල විදෙස් සංචිත ඉහළ දැමීම සඳහා චීන මහජන බැංකුව ඩොලර් බිලියන 1.5ක් ලබාදීම පිළිබඳව පුවතක් පළවී තිබීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ එම කාරණය පිළිබඳව තම සංවිධානය අවධානයෙන් පසුවන බවය.

මෙරට නිල විදෙස් සංචිත ඉහළ දැමීමට චීන මහජන බැංකුව ඩොලර් බිලියන 1.5ක ප්‍රදානයක් ලබාදීමට චීනය එකඟතාව පළකර තිබුණු අතර එය චීන යුවාන් බිලියන 10ක ප්‍රමාණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

Exit mobile version