Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තවාදී ක්‍රියාවලට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අන්තවාදී ක්‍රියාවලට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අන්තවාදී ක්‍රියාවලට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝ භාරවූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන විශේෂ විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අන්තවාදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා හෝ භාරවන පුද්ගලයන් පැය 24ක් තුළ ආසන්නතම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත භාර දිය යුතු බවට අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

එම තැනැත්තා තවදුරටත් රඳවා තබා ගත යුතු ද යන්න සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර සැකකරු වරදක් සිදුකරළ බවට සාධාරණ හේතු ඇත්නම් නීති පියවර ගැනීම සඳහා එම කරුණ නීතිපතිවරයා වෙත යොමු කළ යුතු බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ, වරදේ ස්වභාවය මත එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක් කිරීම සුදුසු යැයි නීතිපතිවරයාගේ මතය වුවහොත් නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය සමග එකී පුද්ගලයා මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු බවය.

එහිදී සැකකරු වෙනත් වැරදි සිදු කර ඇති ද යන්න සලකා බැලීමෙන් අනතුරුව වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකි බවත් පුනරුත්ථාපන කාලය වරකට මාස 6ක කාලපරිච්ඡේදයකට දීර්ඝ කළ හැකි බවත් අදාළ ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version