Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර කුඩු ජාවාරමේ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට දකුණු පළාතේ වැලිගම?

ජාත්‍යන්තර කුඩු ජාවාරමේ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට දකුණු පළාතේ වැලිගම?

ජාත්‍යන්තර කුඩු ජාවාරමේ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට දකුණු පළාතේ වැලිගම?

දකුණු පළාතේ වැලිගම කේන්ද්‍ර කර ගනිමින් පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, නාවුක හමුදා වෙරළාරක්ෂක කණ්ඩායම් සහ රේගුව ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ එම ප්‍රදේශය කේන්ද්‍ර කොට ගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයත් සමඟ සබඳතා ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව රහස් තොරතුරු ලැබීමෙන් පසුවය.

දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 225ක් වටිනා හෙරොයින් කිලෝ 225ක් සොයා ගැනීමෙන් පසු මෙම තොරතුරු හෙළි වූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට මැද පෙරදිගට පලා ගොස් සිටින රුවන් චින්තක නොහොත් හරක් කටා මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇත.

Exit mobile version