Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“බඩුමිල ඉහළට; ආර්ථිකය පහළට; – ‘සිස්ටම් ෆේල්’” – අනුර කුමාර දිසානායක

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

“ආර්ථික අර්බුද විසින් ඇති කරන සමාජ අර්බුද දේශපාලන පරිවර්තන සඳහා පෙළඹවීම් කරනවා. ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් පී.බි. සහ බැසිල් එලවන්න ඕනෑ කියලා ෆයිට් කරනවා. ආර්ථිකය හොඳට තිබුණා නම් ඔය ඔක්කොමලා එක බෝට්ටුවේ නැගලා යනවා.

මේ ප්‍රශ්නයට පීබී, බැසිල් එලවලා හරියනවාද? අර්බුදය දේශපාලන තලයට කාන්දු වෙන්නේ මේ විදිහට. ගෝඨාභය රාජපක්ෂ, මම අසමත් නෑ පාස් කියලා කියන්නේ ඔහුට ඒක කාන්දු වෙන විදියට. ඔය අතර රනිල් වික්‍රමසිංහ වෙනත් පාරකින් එන්න බලනවා. සජිත් ප්‍රේමදාසත් නොයෙක් කතා කියනවා.

හැබැයි ආර්ථිකය විසින් ඇතිවෙන අර්බුදය අවසානයේ මිනිසුන්ට ජීවිතය අහිමි කරලා. ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් නැහැ. නොතෙමී ඉන්න නිවහනක් නැහැ. තමන්ගේ දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබාදීමට අධ්‍යාපනයක් නැහැ, පාසලක් නැහැ. ලෙඩරෝග හැදුණාම බෙහෙත් ගන්න සෞඛ්‍ය සේවයක් නැහැ. ජීවිතයේ සතුටක් විනෝදයක් නැහැ.

2017දී සියදිවි හානිකර ගැනීම් 3,263යි. 2018දී 3,281යි. සියදිවි හානිකර ගැනීමට ප්‍රයත්නය දැරූ සංඛ්‍යාව 10,000ක් පමණ වෙනවා. දවසකට ආසන්න වශයෙන් 09 දෙනෙක් සියදිවි නසා ගන්නවා. යාපනය දිස්ත්‍රික්කයේ සියදිවි හානිකර ගන්නා වැඩිම ප්‍රමාණය කාන්තාවන්. හේතුව ණය ගෙවා ගන්න බැරිකම. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්නා අයට 150%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. ණය ගෙවා ගන්න බැරිව සියදිවි නසා ගන්න එක පුරවැසියෙක්වත් අපේ රටේ නොසිටිය යුතුයි.

තව පැත්තකින් 2019දී අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 305 දෙනෙක් දූෂණය කරලා තිබෙනවා. අඩම්තේට්ටම්වලට ලක්වී තිබෙන ප්‍රමාණය ඊට වඩා විශාලයි. 2019දී අපේ රටේ දැරිවියන් සහ කාන්තාවන් 594ක් දූෂණයට ලක්වූ බව පොලිස් පොතේ ලියවිලා තිබෙනවා.”

යැයි (10) කොළඹ නව නගර ශාලාවේ පැවති, බඩුමිල ඉහළට – ආර්ථිකය පහළට ‘සිස්ටම් ෆේල්’ සම්මන්ත්‍රණය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

Exit mobile version