Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න” – පසුපෙළ මන්ත්‍රීවරුන් 43ක් අගමැතිට

"විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න, නොවුණහොත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීම වළක්විය නොහැකි" - පසුපෙළ මන්ත්‍රීවරුන් 43ක් අගමැතිට

"විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න, නොවුණහොත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීම වළක්විය නොහැකි" - පසුපෙළ මන්ත්‍රීවරුන් 43ක් අගමැතිට

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනකු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව බරපතළ චෝදනාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.

එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ඇතුළේ සිට කැබිනට් අමාත්‍ය ධූරයක් දරමින් විමල් වීරවංශ මහතා ආණ්ඩුව විනාශ කරන වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බවකි.

ඉකුත් දින කිහිපයේ විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශවලින් ආණ්ඩුව දැඩි අපහසුතාවට ලක්ව ඇති බව මෙහිදී අගමැතිවරයාට පෙන්වා දී ඇති පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට අදාළ වීඩියෝ පට පවා අගමැතිවරයාට නැරඹීමට ලබා දී ඇති බව දැනගන්නට ඇත.

එම වීඩියෝ පට නැරඹීමෙන් පසු අගමැතිවරයා පවා විමතියට පත්ව සිටි බවක් වාර්තා වේ.

අතීතයේ සිදුවූ ඇතැම් සිදුවීම් නැවත සිදුවෙමින් පවතින බවත්, එම අතීත සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් නොපෙනෙන බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහිදී අගමැතිවරයා වෙත පෙන්වා දී තිබේ.

ඒ අනුව විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම වළක්වා ගත නොහැකි බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට අවධාරණය කොට තිබේ.

Exit mobile version