Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස් සංචිත වැටුණු වැටිල්ල – ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහතට

රුපියල සීඝ්රයෙවිදෙස් සංචිත වැටුණු වැටිල්ල - ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහතටන් අවප්‍රමාණය වීම - ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනය

විදෙස් සංචිත වැටුණු වැටිල්ල - ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහතට

මේ වසරේ පෙබරවාරි මාසය අවසාන වනවිට මෙරට විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8ක් විය. පසුගිය 2020 වසර අවසානයේ එහි දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස ය.

ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරුවක් සිදුව තිබියදීත් මෙම සංචිත පහළ වැටීම සිදුවී ඇති බව ද මහ බැංකුවේ අතුරු ඇස්තමේන්තුවලට අනුව හෙළිව ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

මෙම විදේශ සංචිතය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 28ක් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ හුවමාරු ලෙස ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය පෙබරවාරි මාසයේදී ක්‍රියා කර ඇතැයි ද වාර්තා වේ.

Exit mobile version