Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් කථානායකවරයාට

තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් කථානායකවරයාට

තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් කථානායකවරයාට

ජනාධිපති කොමිෂන් සභා 2ක අවසන් වාර්තා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ හරිගුප්තා රෝහනධීර මහතා විසින් කථානායකවරයා වෙත භාරදුනි.

මෙලෙස භාරදුන් එක් වාර්තාවක් වූයේ 2015 ජනවාරි මස 08 වැනි දින ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වැනි දින අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා, සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවය.
එය වෙලුම් 3කින් සමන්විතය.

දෙවැන් වාර්තාව වූයේ 2015 ජනවාරි 15 වැනි දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවය.

Exit mobile version