Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාර විරෝධතා අතරතුර වෙඩි තැබීම්වලින් 38 දෙනෙකු මරුට

මියන්මාර විරෝධතා අතරතුර වෙඩි තැබීම්වලින් 38 දෙනෙකු මරුට

මියන්මාර විරෝධතා අතරතුර වෙඩි තැබීම්වලින් 38 දෙනෙකු මරුට

මියන්මාරය තුළ හමුදා කුමන්ත්‍රණය සිදුවී මාසයක පමණ කාලයක් ගතව තිබියදී (03) එරට පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මියන්මාර තානාපතිනිය පවසන්නේ එම සිදුවීම් සම්බන්ධ දර්ශන ද නිකුත් වී ඇති බවය. එම දර්ශන ඉතා කම්පනයට ලක්වනසුලු ඒවා බව ඇය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය තවදුරටත් පැවසුවේ, විරෝධතා අතරතුර මිය ගිය පිරිස මේ වන විටත් 50 ඉක්මවා ඇති බවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත්ය. තවද වයස අවුරුදු 14 සහ 17ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු ද මෙහිදී මියගොස් ඇති බව Save the Children ආයතනය ප්‍රකාශ කර තිබේ.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු සිදු වූ දරුණුතම සිදුවීම වාර්තා වූයේ (03) දින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය.
ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව සිද්ධිය දුටු පුද්ගලයන් පවසා ඇත.

(03) දින විරෝධතා අතරතුර සිදු වූ මරණ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානිය විසින් (05) දිනයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවීමට ද තීරණය කර තිබෙන බව වාර්තා විය.

ඒ, මියන්මාර හමුදාවට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලන බවට ඇමරිකා එක්සත් ජනපදය ද ප්‍රකාශ කර තිබෙන පසුබිමක ය.

පෙබරවාරි පළමු වන දා මියන්මාරයේ හමුදාව විසින් එරට බලය අල්ලා ගැනීමෙන් පසුව සිට අවුන් සාං සූ කී ද ඇතුළුව හමුදා භාරයේ සිටින අනෙකුත් දේශපාලන නායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා මියන්මාර වැසියෝ විරෝධතා ආරම්භ කළහ.

Exit mobile version