Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) සහරාන්ගේ ලොක්කා කියලා DIG රවී ලියලා දීපු නම වාර්තාවෙන් හැලුනෙ කොහොමද ?

(Video) සහරාන්ගේ ලොක්කා කියලා DIG රවී ලියලා දීපු නම වාර්තාවෙන් හැලුනෙ කොහොමද ? - මුජිබර් රහුමාන්

(Video) සහරාන්ගේ ලොක්කා කියලා DIG රවී ලියලා දීපු නම වාර්තාවෙන් හැලුනෙ කොහොමද ? - මුජිබර් රහුමාන්

සහරාන් මෙහෙයවූයේ කවුරුන් විසින්ද, සහරාන්ට උඩින් සිටියේ කවුද යන්න පිළිබඳව ජනාධිපති කොමිසමේ විමර්ශනවලින් හෙලිදරව් නොවීම බරපතල ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ජනාධිපති කොමිසමක් පත් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට වගකිව යුතු පුද්ගලයන් හෙලිදරව් කර ගැනීමට පමණක් නොව මෙම බෝම්බ ප්‍රහාරයට එල්ල වූයේ කාගේ උවමනාවකටද, ප්‍රහාරය පිටුපස සිටි සැබෑ නායකයන් කවුද යන්න පිළිබඳව හෙලිදරව් කර ගැනීමද එහි ප්‍රධාන අරමුණක් බව මන්ත්‍රීවරයා පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී, වත්මන් රජය නියෝජනය කරන දේශපාලනඥයන් විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට බොහෝ දෙනාට චෝදනා කළ බවත්, එහෙත් කොමිසමේ වාර්තාවෙන් එම කිසිදු පුද්ගලයෙකු වැරදිකරුවන් ලෙස නම්කර නොමැති බවද මුජිබර් රහුමාන් මහතා පවසනවා.

සහරාන්ට උඩින් සිටි බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රහසිගතව කොමිසම වෙත අනාවරණය කළ නමුත් එම පුද්ගලයා පිළිබඳවද වාර්තාවේ සඳහන්ව නොමැති බව ඔහු පවසනවා. අදාල පුද්ගලයා සැඟවීමට ‍හේතුව කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය රටේ ජනතාවට තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

Exit mobile version