Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළක් (AIR TRAVEL BUBBLE)”

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළක් (AIR TRAVEL BUBBLE)”

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළක් (AIR TRAVEL BUBBLE)”

මෙරට සංචාරක ව්‍යාපාරය තව දුරටත් ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළක් (AIR TRAVEL BUBBLE)” කඩිනමින් ආරම්භ කිරිමට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අතර පැවති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

ඉන්දීය රජයේ යෝජනාවක් සේ ක්‍රියාත්මක වීමට නියමිත මේ සංචාරක ගුවන් බුබුළ ආරම්භ කිරීමේදී දෙරටේම ජනතාව අවබෝධයකින් කටයුතු කළ යුතු බව එහිදී එකඟතාවයකට පත්ව තිබේ. යුක්රේන හා රුසියානු සමූහාණ්ඩුවේ සංචාරකයන් මෙරටට පැමිණීම නිසා පිබිදුණු සංචාරක ව්‍යාපාරය ආසන්න රටවල් හා ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුක්තව එය ක්‍රියාත්මක කිරීමට දෙරටම එකඟ වී තිබේ.

Exit mobile version