Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් – රනිල්

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලූපිටිය පස් වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී (25) පෙරවරුවේ රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමිනි.

එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම මගින් බුදුදහමට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප්‍රයෝගව කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

මෙයට අමතරව දහම් පාසල් පාලනය යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ.

සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි.

ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ.

උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි.

Exit mobile version