Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයනය සම්බන්ධව මහ බැංකුවෙන් නව මුදල් රෙගුලාසි

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම්දෙන තුරු, අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළව අපනයනය කිරීමෙන් ලද මුදල්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට දින 180 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය.

එසේම සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම මේ යටතේ ඉල්ලා ඇති පරිදි අපනයනය මගින් ලද මුදල් ලැබුණු වහාම, බලපත්‍රලාභී බැංකුවක් මගින් එකී අපනයනය මගින් ලද මුළු මුදලින් 25% ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුටත් කියා සිටී.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ

Exit mobile version