Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාදිනල් හිමි පාස්කු ප්‍රහාර විමර්ශන දෙවියන්ගේ උසාවියට බාර දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාරදිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ සඳහන් කර සිටියේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති අළු බදාදා දින දිව්‍ය පුජාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, “මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහිමකට පත්වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ.මේකේ හුඟාක් ප්‍රශ්නාර්ථ තියෙනවා. මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා. මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන් පිටරටවල්වල කණ්ඩායම් වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන් 269දෙනෙකුගේ ජීවිතය මෙම දේවස්ථානයේ දීම නැති කරපු ඒ මහා ආත්මාර්ථකාමීත්වයට මේ රට නැති කිරීමට ඉඩනොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලා ඒකට අවශ්‍ය නීතිරීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව භාරදෙමු.“

Exit mobile version