Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩුබායි හි පාලකයාගේ දියණිය සිරකරගෙන ඇති බවට වීඩියෝවක් නිකුත් වෙයි

ඩුබායි හි පාලකයාගේ දියණිය සිරකරගෙන ඇති බවට වීඩියෝවක් නිකුත් වෙයි

ඩුබායි හි පාලකයාගේ දියණිය සිරකරගෙන ඇති බවට වීඩියෝවක් නිකුත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පිහිටි නිවසක තමාව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන සිටින බව ඩුබායි හි පාලකයාගේ දියණිය පවසයි. ඩුබායි හි පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ගේ දියණිය වන ලතීෆා බින්ට් මොහොමඩ් අල් මක්ටූම් කුමරිය 2018 පෙබරවාරි මාසයේ දී යාත්‍රාවකින් ඩුබායි වෙතින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් ඉන්දියන් සාගරයේදී ඔවුන්ට බාධා පමුණුවා තිබේ.

වසරකට පමණ පසු, ලතීෆා ඇගේ පවුලේ අය සමඟ ඩුබායි හී නිවසේ ජීවත් වෙන බව සදහන් ප්‍රකාශයක් හා ඇය එක්සත් ජාතීන්ගේ සංගමයේ කොමසාරිස් සමග සිටිමින් ගන්නා ලද ඡායාරූපත් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන වම් සේවය හරහා නිකුත් කරන ලදී.

කෙසේ වෙතත්, බීබීසී පැනෝරාමා පවසන්නේ ලතීෆා යැයි සදහන් කරන අයෙක් සිදු කරන ලද වීඩියෝ ක්ලිපයක් හමුවී ඇති අතර එම වීඩියෝවෙන් පෙන්වන්නේ ඇය ඩුබායි හී නිවසක සිරගත කර ඇති බවයි. මෙම වීඩියෝව සිදු කළ දුරකථනය සොරකම් කරන ලද එකක් බවද සදහන්.

එම වීඩියෝවේ “I’m a hostage, I’m not free. I am prisoned in this jail. My life is not in my hands,” යනුවෙන් ඇය පවසා සිටියි. මීට වසර තුනකට පෙර ඩුබායි සිට පැන යාමට තැත් කළ දා සිට ඇයව “හුදෙකලා සිර කඳවුරක” රඳවාගෙන සිටින බව එම වීඩියෝ පටයේ සඳහන් වේ. බීබීසී පැනෝරාමා සේවය සදහන් කරන්නේ ඔවුන් මේ වන විටත් කුමරියව සිරගත කර සිටින ප්‍රදේශය සොයාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ ඇයව පොලිස් භටයන් 30 ක් පමණ මුර කරන බවත්, නිවසේ සියලු ජනේල වසා දමා ඇති බවත්ය.

ඇය පළා යාමට උත්සාහ කළ දිනයේදී ඇගේ මිතුරිය වන ටීනා ජවුහයිනන් ඇයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව ගොස් විදේශයක නව ජීවිතයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීම සඳහා පළා යාමට උදව් කර තිබේ. වසරකට පසුව, ජවුහයිනන් පවසන්නේ කුමරිය වෙත දුරකථනයක් සොරෙන් ගොස් භාර දීමට කිරීමට උදව් කළ පුද්ගලයෙකු තමා සම්බන්ධ කර ගත් බවයි.

“ඇය ඉතා සුදුමැලි ය, ඇය මාස ගණනාවක් තිස්සේ හිරු එළිය දැක නැත. ඇයට කළ හැකි එකම දෙය නම් කාමරයේ සිට මුළුතැන්ගෙයටත්, මුළුතැන්ගෙයි සිට කාමරයටත් යාමයි.” ජවුහයිනන් පවසයි.

Exit mobile version