Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Exclusive)ලංකාවේ කොරෝනා මරණ 400ක් ද 4000ක් ද? ශ්‍රී හඬ හෙලිදරව්ව

මෝචරියට දැඩ් තදබදය; දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

මෝචරියට දැඩ් තදබදය; දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

දීර්ඝ කාලීනව හෘදාබාධයකින් පෙළුණු පන්නල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මදනි නැමැති වයස අවුරුදු 58ක රෝගියෙක් පසුගිය ජනවාරි 30 වන දින දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එදිනම මරණයට පත්විය. කොරෝනා රෝගය හඳුනාගැනීම සඳහා වූ සාම්පල් කුරුණෑගල පරීක්ෂණ මධ්‍යස්ථානයට යැවීමෙන් පසු ජනවාරි 31 වන දින මෘත දේහය කුලියාපිටිය මෝචරියේ තැන්පත් කිරිම සදහා යැවිනි. කොරොනා රෝග තහවුරු වීමෙන් පසු පෙබරවාරි පළමුවන දින කුලියාපිටියේදී එම මෘත දේහය ආදාහනය කෙරුණි.

නමුත් පෙබරවාරි 13 වනදා වන තෙක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන කොරෝනා මරණ දත්තවල මෙය සටහන් වී තිබුණේ නැත. රජයේ දත්ත වල නිරවද්‍යතාවය ප්‍රශ්න කරන වැදගත් සාක්ෂියක් ලෙස මෙය සැලකිය හැක. මෙලෙස මගහැරෙන හෝ මගහරින මරණ සංඛ්‍යාව කොපමණ දැයි හරියටම සොයා ගැනීමට ක්‍රමයක් නැත.

නමුත් කොරෝනා මරණ සංඛ්‍යාව 403(15/02) ක් යැයි කියන ප්‍රකාශවල බරපතළ සැකයක් තිබෙන බවට කීමට නම් සාධක ඇත.

Exit mobile version