Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ රටේ ජනාධිපති තනතුරට සුදුස්සෙක් – තිස්ස කුට්ටිආරච්චි

බැසිල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ රටේ ජනාධිපති තනතුරට සුදුස්සෙක් - තිස්ස කුට්ටිආරච්චි

බැසිල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ රටේ ජනාධිපති තනතුරට සුදුස්සෙක් - තිස්ස කුට්ටිආරච්චි

අලුත් වේදිකාවක් නිර්මාණය කර අපේ ජනාධිපතිවරයෙක් හා අපේ ආණ්ඩුවක් නිර්මාණය කළේ පාර්ශ්ව රැසක සහයෝගයෙන් බවත්, එනිසා ‘වේදිකා ගැහුවෙ අපි, කාපට් දැම්මෙ අපි, කතා පැවැත්තුවේ අපි’ යනුවෙන් කියමින් වෙන වෙනම වටිනාකම් ඉල්ලීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පවසයි.

පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

සන්ධානය නියෝජනය කරන පක්ෂවලට වෙන වෙනම සාකච්ඡා පැවැත්වීම කිසිදු ගැටලුවක් නොමැති බවත් එවැනි සාකච්ඡාවලින් ආණ්ඩුවට බලපෑමක් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් මන්ත්‍රීවරයා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් වුවහොත් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ඇමති ධුරවලින් සමුගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිස්සකුට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඔවුන් අද ඇමති පුටුවල වාඩි වී සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් අලුත් පක්ෂයක් නිර්මාණය කර එම පක්ෂය ආණ්ඩු බලය හිමි පක්ෂයක් දක්වා රැගෙන ගිය නිසා බව විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස අවබෝධ කරගත යුතු බවය.

Exit mobile version